බෝම්බ බියකින් පාසල් කැළඹෙයි

බෝම්බ බියකින් පාසල් කැළඹෙයි

ඉන්දියාවේ බැංගලූර් හී පාසල් 44ක සිසුන් සහ ගුරුවරුන් බෝම්බ බියක් හේතුවෙන් පාසල්වලින් ඉවත් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ නිර්නාමිකව ලැබුණු ඊමේල් පණිවුඩ හරහා මෙම බෝම්බ තර්ජන එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් පොලිසිය සහ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මැදිහත්ව සිසුන් සහ ගුරුවරුන් පාසල්වලින් ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එලෙස බෝම්බ තර්ජනයට ලක්ව ඇති පාසලක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ඩී. කේ. ශිවකුමාර්ගේ නිවස ඉදිරිපිට පිහිටා තිබීමද විශේෂත්වයක්.

https://tinyurl.com/yc2dyx7p

COMMENTS