දේවගැති ජෙරම් රිමාන්ඩ්

දේවගැති ජෙරම් රිමාන්ඩ්

බෞද්ධාගමට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

බෞද්ධාගමට අපහාස වන ප්‍රකාශ සිදුකර පසුව විදේශ ගත වු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඊයේ දිවයිනට පැමිණියා.

මොහු අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට ඇතුලුවීම සදහා ගුවන් ගමන් තහනමක් පනවා තිබු අතර එම තහනම පසුව ඉවත් කෙරුණා. ඒ අනුවයි දේවගැතිවරයා ඊයේ දිවයිනට පැමිණියේ.

ඔහු දිවයිනට පැමිණීමෙන් පසු ඊයේ දිනයේ හා අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන්නා. දේවගැතිවරයා අද දිනයේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුවයි ඔහු ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර ඇත්තේ.

COMMENTS