ඉන්ධන මිල වෙනස් වෙයි

ඉන්ධන මිල වෙනස් වෙයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 10කින් ඊයේ 30 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 346 වනවා.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රැපියල් 3 කින් මිළ ඉහල යනු ලබනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රැපියල් 426ක් වනවා.

ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 27 කින් පහල දමා ඇති අතර ඒ අනුව නව මිල වන්නේ රුපියල් 329 කි

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 3කින් මිල ඉහල යනු ඇති.

එ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රැපියල් 434 ක් වනවා.

ලංකා භූමිතෙල් ලීටරයක් රැපියල් 2කින් අඩු කෙරෙනු ඇති.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 247ක් ලෙසයි.

මීට සමගාවීව ඉන්දීය තෙල් සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.