අක්‍රිය විද්‍යුත් තැපෑල් ගිණුම් මකා දැමීම අද ඇරඹේ

අක්‍රිය විද්‍යුත් තැපෑල් ගිණුම් මකා දැමීම අද ඇරඹේ

වසර දෙකක සිට අක්‍රියව පවතින විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම අද (01) ආරම්භ කරන බව ගූගල් සමාගම පවසනවා.

ඒ අනුව, මිලියන ගණනක් පරිශීලකයින්ගේ ක්‍රියාකාරි නොවන විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම මෙහිදී සිදුවනු ඇති.

එසේම, මකා දැමීමට පෙර ඒවායේ හිමිකරුවන්ට දැනුම්දීමේ පණිවුඩ කිහිපයක් යොමුකර තිබෙනවා.

ඒවා යළි සක්‍රිය කර ගැනීමට සමාගම විසින් කාලයක් ද ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

වංචාකරුවන්ගෙන් පරිශිලකයින් ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ බව ගූගල් සමාගම සඳහන් කළා.

https://tinyurl.com/59cmhjp3

COMMENTS