වැඩ බලන පොලිස්පති ලෙස දේශබන්දු පත් කිරීම කාදිනල් හිමි පිළිකුලෙන් යුතුව හෙළා දකී

වැඩ බලන පොලිස්පති ලෙස දේශබන්දු පත් කිරීම කාදිනල් හිමි පිළිකුලෙන් යුතුව හෙළා දකී

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරනවා.

උන්වහන්සේ ගේ ප්‍රකාශයක් මාධ්‍යය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළා.

වැඩබලන පොලිස්පත්වරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම පිළිකුලෙන් යුතු ව හෙළා දකින බවත් එම පත්කිරීම දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බවත් උන්වහනසේ අවධාරණය කරනවා.

COMMENTS