පුංචි ඡන්දයට ඉල්ලුම් කළ රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්

පුංචි ඡන්දයට ඉල්ලුම් කළ රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්

පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලුම්කළ රාජ්‍ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ දැනට අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු රාජ්‍ය සේවකයින්ට මෙමගින් පෙර සේවය කළ ස්ථානයටම ස්ථාන මාරු හිමිවන ඇති බවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව කියා සිටියේය.

“පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ සිටිනවා. ඔවුන්ගේ අභියාචනා සළකා බලා නැවත සේවයේ පිහිටුවීම සදහා අප විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටුවන අතර එම රාජ්‍ය සේවකයින් නැවත සේවය කළ ස්ථානයටම යොමු කිරීමට ද කටයුතු කරනවා. එහිදී ඔවුන් කිසිදු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙසට ද අප විසින් කොන්දේසියක් පනවනවා.”

“ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවක තනතුරු 2700ක පමණ ප්‍රමාණයක් ලබන 02 වනදා වන විට විභාගයට පෙනී සිටීමට නියමිතයි. ලබන වසරේ පෙබරවාරී මස 04 වනදාට පෙර ඔවුන් සේවයේ යෙදවීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම පළාත් පාලන ආයතන තුළ සිටින 8400ක අනියම් සේවකයින් අනිවාර්යෙන් ස්ථිර සේවයේ පිහිටුවීමට ද කටයුතු කරනවා.” යනුවෙන්

COMMENTS