ප්‍රභාකරන්ගේ මියගිය දියණිය කෘත්‍රිම බුද්ධියෙන් නැගිටියි

ප්‍රභාකරන්ගේ මියගිය දියණිය කෘත්‍රිම බුද්ධියෙන් නැගිටියි

ප්‍රභාකරන්ගේ මියගිය දියණියගේ යැයි කියැවෙන කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ වීඩියෝවක් ටැමිල්ඔලි නම් වෙබ් අඩවිය ඔස්සේ පසුගිය සඳුදා (27 දා) විකාශය කර ඇත.

පොළොවෙහි දියණිය එනම් ද්වාරකාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස මෙය නම් කර තිබිණි. දෙමළ භාෂාවෙන් කතා කළ ඇය විනාඩි 12ක් තිස්සේ සිය දේශනය පැවැත්වූවාය.

දෙමළ ජනතාවගේ සන්නද්ධ අරගලය නිමා වී ඇතත් දේශපාලන අරගලය නිමා වී නැති බව ද ශ්‍රී ලංකා හමුදාවට කොටි සංවිධානය පරාජය කිරීම සඳහා බලවත් රාජ්‍යයන්ගේ සහාය ලැබුණු බව ද ඇය කියා ඇත.

ශ්‍රී ලංකාවේ සියලුම දෙමළ පක්‍ෂ දෙමළ ජනයාගේ නිදහස වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බව ද ඇය අවධාරණය කරයි. ලංකා දෙමළ ජනතාවගේ අභිලාෂයන් දිනා ගැනීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්‍ෂා කරන බවත් මේ වීඩියෝවේ පෙනී සිටින කාන්තාව කියයි.

මේ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී හිටපු LTTE ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ දියණියකගේ යැයි පැවසු කාන්තාවකගේ වීඩියෝව හා මෙරට ආරක්ෂාව පිළිබඳව මාධ්‍යවේදිනියක් විසින් නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට කිසිවකු නැවත කිසි දිනෙක මෙරට තුළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට කිසිසේත් කැමති නොවන බව පැවසු අමාත්‍යවරයා, සියලු දෙනා එක්ව රට ගොඩනැඟීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

https://tinyurl.com/2az89t5t