දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

ප්‍රංශ රජය විසින් දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ප්‍රංශ වෙරළ තීරයේ සහ පොදු උද්‍යානවල දුම්පානය තහනම් කරන බවයි.

ඒ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා.

මෙම තීරණය ප්‍රංශ රජය ගෙන ඇත්තේ වසරකට දුම්කොළ ආශ්‍රිත මරණ 75,000ක් එරට සිදුවන බැවින් එය වැළැක්වීම සඳහා යි.

කෙසේ වෙතත්, එරට රජයේ අරමුණ වී ඇත්තේ 2032 වන විට දුම්කොළවලින් තොර පළමු පරම්පරාව ප්‍රංශය තුළ නිර්මාණය කිරීමයි.

එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සිගරට් මිල ක්‍රමානුකූලව වැඩි කරන බවයි.

https://tinyurl.com/yd5c66mt