ජපුර කළමනාකරණ පීඨය යළි විවෘත කිරීමට තීරණය කෙරේ

ජපුර කළමනාකරණ පීඨය යළි විවෘත කිරීමට තීරණය කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලිකව අත්හිටුවා තිබූ කළමනාකරණ පීඨය විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ ලබන මස 4 වැනිදායි.

මේ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානකේ නිවේදනය කර තිබෙනවා.

පසුගිය 20 වැනිදා සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබුණා.

ඒ උපකුලපතිවරයාගේ නිල කාර්යාලය ඉදිරිපිට සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන්.

කෙසේ වෙතත්, අදාළ සිදුවීම හේතුවෙන් සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබුණා.

COMMENTS