කාර්යාංශ සේවා රැසක් ගෙදර සිට සිදු කරගැනීමට අවස්ථාව

කාර්යාංශ සේවා රැසක් ගෙදර සිට සිදු කරගැනීමට අවස්ථාව

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk යාවත්කාලීන කර තිබෙනවා.

ඒ විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහායි.

ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීම හා ලියාපදිංචිය අලුත් කිරීම, රැකියා බැංකුවේ ලියාපදිංචි කිරීම, නව විදේශ රැකියා අවස්ථා හඳුනා ගැනීම හා විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම ආදී සේවාවන් රැසකින් යුක්තයි.

එමෙන්ම විදේශ රැකියාවට යාමට පෙර හා විදෙස් රැකියාව අවසන් කර මෙරටට පැමිණීමෙන් අනතුරුව විගමණික ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් සම්බන්ධව තොරතුරු ලබාදීම හා අවශ්‍ය ලියාපදිංචි කිරීම් සිදුකිරීම වැනි පහසුකම් ද සලසා දී තිබෙනවා.

ඒ අනුව සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබා ගැනීමට හැකියි.

කෙසේ වෙතත්, විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ වැඩි වැඩියෙන් විදේශ රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට විවෘත වී ඇති පසුබිමක වාර්ෂිකව විදේශ රැකියාවලට පිටත් වන ප්‍රමාණය හා ඔවුන් විසින් මෙරටට එවන ප්‍රේෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් ඇති බවයි.

COMMENTS