අදත් පළාත් කිහිපයකට තද වැසි

අදත් පළාත් කිහිපයකට තද වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බවය.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS