රන් මිල ඉහළට

රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (29) දිනයේ රන් මිල ඉහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් සඳහන් කරනවා.

ඒ අනුව කැරට් 24 පවුමක මිල රු.190,700.00 ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රු.174,850.00 ලෙසයි.

කැරට් 21 රන් පවුමක් රු.166,900.00 ලෙස වාර්තා වී තිබෙනවා.