මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි

මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි

එකඟතාවන්ට අනුව හිඟ බදු ගෙවීමට කටයුතු නොකිරීම හේතුවෙන් මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යලි අත්හිටුවා තිබෙනවා.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට හා රන්දෙණිගල ඩිස්ටලරීස් යන සමාගම්වල නිෂ්පාදන කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බවයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාර සිංහ ප්‍රකාශකර සිටියේ.

මීට පෙර නිෂ්පාදන කටයුතු අත්හිටුවීමෙන් පසු පැමිණි එකඟතාවන්ට අනුව පසුගිය සෙනසුරාදා වන විට හිඟ බදුවලින් කොටසක් ගෙවීමට අදාල සමාගම් එකඟතාවය පළ කර තිබුණා.

කෙසේ වෙතත් ඉන් එක් සමාගමකට රුපියල් මිලියන 213 ක මුදලක් ගෙවීමට නියමිතව තිබූ නමුත් ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 8 ක් පමණක් බවයි වාර්තා වන්නේ.

COMMENTS