ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නෑ – කැබිනට් ප්‍රකාශක

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නෑ – කැබිනට් ප්‍රකාශක

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී හිටපු LTTE ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ දියණියකගේ යැයි පැවසු කාන්තාවකගේ ඇමතුමක් ලබා දීම හා මෙරට ආරක්ෂාව පිළිබඳව මාධ්‍යවේදිනියක් විසින් නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට කිසිවකු නැවත කිසි දිනෙක මෙරට තුළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට කිසිසේත් කැමති නොවන බව පැවසු අමාත්‍යවරයා, සියලු දෙනා එක්ව රට ගොඩනැඟීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.