උත්සව සමයේදී හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරේ

උත්සව සමයේදී හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරේ

ඉදිරි උත්සව සමයේදී හිඟයකින් තොරව පාරිභෝගික භාණ්ඩ ජනතාවට නිකුත් කිරීම සඳහා හෙට 30 සිට ජනවාරි මස 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එසේම ශත 25 බද්දට ආනයනය කළ සීනි තොග රුපියල් 275ක උපරිම සිල්ලර මිල යටතේ සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීමද මේ වනවිටත් අරඹා තිබෙන බවයි වාර්තා වන්නේ.

COMMENTS