ඇඟිලි සලකුණු නොමැතිව සෞඛ්‍ය සේවකයින්ට අතිකාල ගෙවලා

ඇඟිලි සලකුණු නොමැතිව සෞඛ්‍ය සේවකයින්ට අතිකාල ගෙවලා

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට නොගෙන 2022 වසරේ දී සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 36.192ක් වැය කර ඇති බවට විගණන වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.

එම ප්‍රමාණය සමස්ත වැටුප් පිරිවැයෙන් 72%ක් වන බව එහි සඳහන්.

රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් මේ බව පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සියළුම රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍ර භාවිත කිරීම මගින් නිලධාරීන් කාර්යාලයට පැමිණීම සහ පිටවීම සනාථ කිරීම සම්බන්ධයෙන් වාර්තා තබා ගැනීමට පියවර ගත යුතු ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට නොගෙන 2022 වර්ෂයේදී වැටුප් සඳහා අතිකාල සහ නිවාඩු දින වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 79,548ක් වැය කර ඇති බවයි අදාළ වාර්තාවෙන් සඳහන් කර ඇත්තේ.