ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු මෙරටදි දැක බලාගැනීමේ අවස්ථාවක්

ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු මෙරටදි දැක බලාගැනීමේ අවස්ථාවක්

ලන්දේසින් විසින් මෙරටින් රැගෙන යන ලද වටිනා පුරාවස්තු කිහිපයක් ලබන මස 05 සහ 06 දෙදින තුළ ශ්‍රී ලාංකිකයින්ට නැවත දැක බලාගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, කොළඹ ජාතික කෞතුකාගාරයේදී පැවැත්වෙන විශේෂ උත්සවයකදීයි.

නෙදර්ලන්තයේ රාජ්‍ය ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදී අදාළ පුරාවස්තු 06 ක් නැවත මෙරටට භාරදීම සදහා වන හිමිකම් පැවරුමට අත්සන් තැබුණ බවයි වාර්තා වන්නේ.