රොෂාන්ගේ ඇමති ධූර ලැබුණු ඇමතිවරු මෙන්න

රොෂාන්ගේ ඇමති ධූර ලැබුණු ඇමතිවරු මෙන්න

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබේ.

එසේම පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර ඇත.

ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.

ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බවද ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

“මේ වගකීම ඉතාමත් වැදගත් වගකීමක් වෙනවා. මොකද මේ වෙලාවේ ක්‍රීඩාවට අපි සියලුමදෙනා ආදරය කරන තැනක්. ඒ වගේම මේ නීති වෙනස් කිරීමේදී අනුගමන කරන්න ඕනේ ක්‍රියා පිළිවෙත් කිහිපයක් තිබෙනවා. මම හිතනවා මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතී අර්ජුන රණතුංග මහතාත්, සියලුදනො එක්ක එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිඳු කරන්න. එහෙමත් නැතිනම් මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලංකාවට ගෙන එන්න උත්තහා කරන්නට ඕනේ. ඒ වගේම ICC තහනම ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත නැවත් වතවත් හරවාගෙන්න.”

එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්,

COMMENTS