පාවහන් වවුචර්පත් ලබා දෙන දිනය

පාවහන් වවුචර්පත් ලබා දෙන දිනය

පාසල් සිසු සිසුවියන් ලක්ෂ 08කට පාවහන් ගැනීම සඳහා රුපියල් 3000 වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතිය එළඹෙන දෙසැම්බර් 04 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (27) පවසා සිටියා .

පාසල් දරුවන්ට පාවහන් වවුචර් පත් ලබා දීම එළඹෙන දෙසැම්බර් 04 වනදාන් ආරම්භ කර 27 වෙනිදා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ .

දුෂ්කර, අතිදුෂ්කර , හුදෙකලා පාසල් දරුවන් 407,000කට මෙලෙස වවුචර් පත් ලබා දෙන බවත් ලබන වසරේ තවත් ප්‍රතිපාදන ලබා ගෙන දරුවන් වැඩි ප්‍රමාණයකට මෙම වවුචර්පත් ලබා දීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා