පාර්ලි­මේ­න්තුවේ මඩ ගැසීම් නැවැත්වීමට නීති ගෙනා යුතුයි – නාමල්

පාර්ලි­මේ­න්තුවේ මඩ ගැසීම් නැවැත්වීමට නීති ගෙනා යුතුයි – නාමල්

පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් විවිධ පුද්ගලයන් ඉලක්ක කර පෞද්ගලිකව මඩගැසීම නැවැත්වීම සඳහා නීති සංශෝධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ සඳහා අනිවාර්යයෙන්ම අලුතින් නීති ගෙන ඒමට හෝ පවතින නීති සංශෝධනය කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම කීවේය. පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් විපක්ෂය විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් පිළිබඳව මාධ්‍ය මඟින් විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“අපි 225 ම එකතු වෙලා පාර්ලිමේන්තුව තුළ විනය, හැසිරීම හා කතාව පාලනය කළ යුතුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ළමයි ගැන පවුල් ගැන මඩ ගහනවා. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කෙනෙකුට මඩ ගහන එක, අධිකරණයට අපහාස කිරීම, අධිකරණ විනිසුරුවරුන් විවේචනය කිරීම එක් එක් පුද්ගලයන් ඉලක්ක කර මඩ ගැසීම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් කරන තක්කඩි ප්‍රකාශ කිරීම වහාම නතර කළ යුතුයි. පාර්ලිමේන්තුව තුළ ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියන එක අයින් කරලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට සංශෝධන හෝ නව නීති ගෙනා යුතුයි. එසේ නොකළහොත් ඇතැම් අය තමන්ට කටට එන හැමදේම කිය කියා අනෙක් කෙනා පීඩනයට පත් කරනවා. එම නිසා අනිවාර්යෙන්ම ඒ සඳහා වැට බැඳිය යුතු යැයි අප යෝජනා කරනවා” යනුවෙන්