තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ ගැටලුව තේරුම් ගත්තේ නෑ – මුරලි

තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ ගැටලුව තේරුම් ගත්තේ නෑ – මුරලි

ශ්‍රී ලංකාවේ ගැටලුව නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වූ බව මුත්තයියා මුරලිදරන් පවසයි.

ඔහු එසේ පැවසුවේ ඉන්දියාවේ ගෝවේ හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙළකදීය.

මුරලිදරන් පැවසුවේ ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේ එම ගැටලුව සමහර දේශපාලනඥයින් තේරුම් නොගත් බවත් එබැවින් ඔහුට ද්‍රෝහියෙක් ලෙස පැවසූ බවත් ය.

එම අවස්ථාවේ ශ්‍රී ලංකාව ඇතිව තිබූ සැබෑ තත්වය තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වූ බව ප්‍රකාශ කිරීමට තමන් බිය නොවන බව මුත්තයියා මුරලිදරන් මහතා පැවැසුවේය.එයට හේතුව තමිල්නාඩුවේ මෙන් නොව ශ්‍රී ලංකාවේ තිබෙන්නේ වෙනමම තත්වයක් බවත් ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාව තුළ අනු කණ්ඩායම් කීපයක් තිබෙන බවත් එහිදී අදහස් දක්වමින් මුරලිදරන් මහතා ප්‍රකාශ කළේය.සියලු කණ්ඩායම් එකිනෙකට සම්බන්ධ වුවත් දේශපාලනික වශයෙන් බෙදී ඇතැයි මුරලිදරන් මහතා පැවැසුවේය. එම කණ්ඩායම් වල සිටි ඇතැම් පුද්ගලයන්ට ශ්‍රී ලංකාවෙන් කොටසක් කඩා වෙනම රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත් බොහෝ පිරිසකට එලෙස අවශ්‍ය නොවූ බව එහිදී මුරලිදරන් මහතා ප්‍රකාශ කළේය.

මුරලිගේ ජීවිත කථාව ආශ්‍රිතව නිර්මාණය කළ ‘A Legendary 800 – Against All Odds’ නම් නිර්මාණයද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙයි.

https://tinyurl.com/mwkpdykt

COMMENTS