ක්‍රිකට් නඩුව දෙසැම්බර් 05ට කල් යයි

ක්‍රිකට් නඩුව දෙසැම්බර් 05ට කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.

එදිනට ඒ සම්බන්ධයෙන් සිය තත්ත්වය ඉදිරිපත් කරන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම ක්‍රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය එළැඹෙම්න නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බවයි නව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට දැනුම් දී ඇත්තේ.

COMMENTS