සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ සතිය මැද

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ සතිය මැද

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල (2022) මේ සතිය මැද නිකුත්කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමේ අවසන් අදියරේ පවතින අතර ප්‍රතිඵල බදාදා හෝ බ්‍රහස්පතින්දා (29 හෝ 30) නිකුත්කිරීමට අදහස් කරන බව උසස් නිලධාරියෙක් පැවසීය.

ප්‍රතිඵල නිකුත්කිරීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික්කයේ ලබාගන්නා ස්ථාන පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශ නොකෙරේ.