වනිඳු ගැන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් තීරණයක් ගනී

වනිඳු ගැන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් තීරණයක් ගනී

ලබන වසරට අදාල IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගන්න ක්‍රීඩකයින් සහ ඉවත් කරන ක්‍රීඩකයින් අද (26) ප්‍රකාශයට පත්කළා.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් සුපිරි තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග තවදුරටත් සිය කණ්ඩායම තුළ රඳවා නොගෙන ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

2022 වසරේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝ කණ්ඩායම විසින් හසරංග ඉන්දියානු රුපියල් කෝටි 10ක මිලදී ගත් අතර, ඔහු එම වසරේදී දෙවැනි වැඩිම කඩුලු‍ ලාභියා බවට පත්වුණේ කඩුලු‍ 26ක් බිඳ දමමින්.

මීට අමතරව පංජාබ් කිංග්ස් කණ්ඩායම ද භානුක රාජපක්ෂ ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගියවර IPL ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ තවදුරටත් රඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය ලබන දෙසැම්බර් මස 19 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.