රොෂාන් රණසිංහව සියලු අමාත්‍ය ධූරවලින් ඉවත් කෙරේ

රොෂාන් රණසිංහව සියලු අමාත්‍ය ධූරවලින් ඉවත් කෙරේ

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් අමාත්‍ය රොෂාන් රණසිංහව ඉවත් කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ වෙත ලබා දී ඇත්තේ අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද සිදුකරමින් තවත් හෙළිදරව් රැසක් හෙළි කළා.

එහිදී අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා සිටියේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බැවින් ජීවිතාරක්ෂාව ලබාදෙන ලෙසයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ”මා මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙට ද? අද ද? අනිද්දා ද? කියලා දන්නේ නැහැ ඒකට ජනාධිපති ඉඳලා සාගල රත්නායක දක්වා වගකිය යුතුයි ” යනුවෙන්

COMMENTS