රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් මිල දැන් නැවතත් අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල අද ඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සති අන්තයට සාපේක්ෂව ඩොලර් 11ක පමණ වැඩිවීමක්.

අමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම සහ අමෙරිකානු මධ්‍යම සංචිතය නැත්නම් මහ බැංකුව පොලී අනුපාත සම්බන්ධයෙන් පරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම රන් මිල ඉහළයාමට ආසන්නතම හේතුව ලෙස දැක්වේ.

ලෝක වෙළෙඳපොළේ රන් මිල මෙන්ම රිදී මිලද අවුන්සයක් ඩොලර් 25ට ආසන්න වූයේ 2%ක පමණ වර්ධනයක් සිදුව තිබෙනවා.