අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවීම ගැන විමර්ශනයක්

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවීම ගැන විමර්ශනයක්

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරා විද්‍යා වැඩ බලන අධ්‍යක්ෂ නිශාන්ති ජයසිංහ මහත්මියට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම වෙත පිටත්කර යවා ඇති බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.