අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කෙරේ

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කෙරේ

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා

ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කිනුයි එහි වියදම් සිමාකර ඇත්තේ

2022 වර්ෂයේදී රුපියල් මිලියන 1310.4ක් වියදම වී තිබු අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන 705.7ක් දක්වා අඩු කර ඇති බව සඳහන්

දිනේෂ් ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට පෙර 2021-2022 කාලයේ එහි කාර්ය මණ්ඩලය 500කට අධික වුවත් මේ වනවිට එම ගණන 285 දක්වා අඩුකර තිබෙනවා

මීට අමතරව, ලිපි ද්‍රව්‍ය වියදම 74%කින් අඩුකර ඇත්තේ විද්‍යුත් පද්ධති හරහා කාර්යාලයීය කටයුතු සිදුකිරීමත් සමගයි .

අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා

COMMENTS