රාජ්‍ය සේවයට වැඩිකළ රු.දහදාහෙන් කොටසක් ජනවාරි සිට

රාජ්‍ය සේවයට වැඩිකළ රු.දහදාහෙන් කොටසක් ජනවාරි සිට

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක ජිවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කිරිමට යෝජනා කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ එලෙස වැඩි කෙරෙන ජිවන වියදම් දීමනාව ජනවාරි මාසයේ සිටම කොටස් වශයෙන් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

අයවැයෙන් රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් 5000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබරයේත් ලබාදීමට අයවැය කතාවේ දී යෝජනා කළේය.

විශ්‍රමිකයන් සඳහා රුපියල් 2500 ක් අප්‍රේල් මාසයේ සිට ලබා දීමට ද අයවැය යෝජනා කළේය.

COMMENTS