පින්බර ඉල් පොහොය අදයි

පින්බර ඉල් පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

වස්සාන සෘතුවේ අවසන් පොහොය වන ඉල් පුර පසළොස්වක පොහොය බෞද්ධ ඉතිහාසයේ මෙන්ම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.

මෛත්‍රී බෝධී සත්ත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, අගසව් සැරියුත් නාහිමියන්ගේ පරිනිර්වාණය යන සිදුවීම් ඉල්පුර පසළොස්වක පොහොය දිනක සිදු ව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

කඨින විනය කර්මය කළ හැකි අවසන් දිනය ලෙස ද ඉල් පුර පසළොස්වක පොහොය දිනය වන බැවින් මෙරට බෞද්ධයන් අතර ද මෙම පොහොය ඉතා වැදගත් පොහොයක් ලෙස සැලකේ.

COMMENTS