රුපියල් කෝටි 400 ඉක්මවූ ටයිගර් 3 චිත්‍රපට‍‍ය

රුපියල් කෝටි 400 ඉක්මවූ ටයිගර් 3 චිත්‍රපට‍‍ය

ටයිගර් 3 චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර දින 10ක් ඇතුළත ඉන්දිය රුපියල් කෝටි 400ක ආදායමක් ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම චිත්‍රපටය 2017 දී තිරගත වූ ටයිගර් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය වන අතර, සල්මන් ඛාන් සමඟ කත්රිනා කයිෆ්, රිද්දී ඩොග්රා සහ එම්රාන් හස්මි යන රංගන ශිල්පින් ද මේ සඳහා දායක වී තිබෙනවා.

ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දිය රුපියල් බිලියන 03ක මුදලක් වැය කර මෙය නිෂ්පාදනය කර ඇති බවයි.