සහල් ගැන රජය හදිසියේම දැඩි තීරණයක් ගනී

සහල් ගැන රජය හදිසියේම දැඩි තීරණයක් ගනී

දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරය වැඩිදුරටත් පැවසීය.

මෙහිදී විශේෂයෙන් කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ තුළින් ද මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් එම ප්‍රමාණය ඉහළ දැමීමටද තීරණය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙලෙස මිල ඉහළ දැමීම මහා පරිමාණ මෝල් හිමියන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන බවත් ඒ සඳහා ස්ථීර විසඳුමක් සැපයීම සඳහා ඊයේ (20) කැබිනට් මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවය.

COMMENTS