ජ’පුරේ කළමනාකරණ පීඨය වසා දැමේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ සඳහන් කරන්නේ නවක වද සිදුවීමකට අදාලව ලබා දුන් පන්ති තහනමකට එරෙහිව උපකුලපතිවරයාගේ කාර්යාලය අසළ සරසවි සිසුන් පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් මෙලෙස දින නියමයක් නොමැතිව පීඨය වසා දැමීමට තීරණය කළ බවයි.