ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මේ වනවිට ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අතුරින් කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමග නායයෑමේ අවදානම් තත්ත්වය හේතුවෙන් කෑගල්ල සාන්ත ජෝසප් කනිෂ්ඨ බාලිකා විද්‍යාලය සහ සාන්ත මරියා දමිල මහා විද්‍යාලය අද (20) දිනයේ වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා දැනුම්දී තිබේ.

මේ අතර ඊයේ රාත්‍රියේ බලන ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට යළි බාධා එල්ලවී තිබේ.

එසේම ගලගෙදර ප්‍රදේශයෙන් මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයට පස් කන්දක් වැටී තිබේ.

මේ හේතුවෙන් ගලගෙදර 10 කනුව ආසන්නයේ එම මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්.

COMMENTS