පළාත් පාලන ආයතනවල සේවයේ සිටින 8400කට ස්ථීර පත්වීම්

පළාත් පාලන ආයතනවලට බඳවා ගත් 8,400 ක් වූ අනියම් සේවක පිරිස කඩිනමින් ස්ථිර කරන බව විෂය භාර අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අය වැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ පස් වන දිනයට එක්වෙමිනි.
ඔහු සඳහන් කළේ දින 180 ට වැඩි කාලයක් සේවය කළ අනියම් සේවකයින් එලෙස ස්ථිර කරන බවයි.