කටුපොල් වගාව පිළිබඳ අධ්‍යයනයක්

ශ්‍රී ලංකාවේ පාම් වගාව (කටුපොල් වගාව) සම්බන්ධව පරිසර සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති විරෝධතා මෙන්ම මෙම වඟාව නිසා පරිසරයට යම් හානිකර තත්ත්වයක් සිදුවන්නේ ද? නැද්ද? යන්න පිළිබඳව මේ වන විට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.
විවිධ පාර්ශ්ව එල්ල කරන ලද විරෝධතා හා චෝදනා සැලකිල්ලට ගනිමින් පාම් වගාව ප්‍රවර්ධනය කිරීම අත්හිටුවන ලදී.
එවකට එළැඹි ගිවිසුම් අනුව අක්කර 20,000ක පාම් වගා කිරීමට සැලසුම් කළ ද මේ වනවිට මෙරට පාම් වගාව ව්‍යාප්තව පවතින්නේ අක්කර 11,000ක පමණයි.
ශ්‍රී ලංකාවේ පාම් වගාව සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද දින (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, මෙරට ඉන්දුනිසියානු තානාපතිනි, Dewi Gustina Tobing මහත්මිය සහ අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති යන මහත්වරු සහභාගි වුණා.
පාම් වඟාව නිසා පරිසරයට විශාල හානියක් සිදු වන බවට පරිසර සංවිධාන විසින් විශාල විරෝධතාවයක් එල්ල කර ඇතත්, පාම් වඟාවෙන් පරිසරයට සිදු වන හානි පිළිබඳ මෙතෙක් කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර නැති බවට කරුනු ඉදිරිපත් විය.
ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අධ්‍යයනය මඟින් සකස් කරන වාර්තාවක් හා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
පාම් වගාව සම්බන්ධව උනන්දුවක් දක්වන්නේ නම් ඒ සඳහා විශාල ආයෝජනයක් සිදුකළ හැකි බව මෙරට ඉන්දුනිසියානු තානාපතිනිය සඳහන් කළාය.
දැනට පාම් වගාව සම්බන්ධව ශ්‍රී ලංකාව හා ඉන්දුනිසියාව අතර අවබෝධතා ගිවිසූමක් ද තිබේ.
මෙරටේ පාම් වගාව ආශ්‍රිත නිෂ්පාදන එම ගිවිසුම යටතේ මිලදී ගැනීමට ඉන්දුනිසියානු රජයේ එකඟත්වය පළ කර ඇති අතර මෙරට පාම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් බිලියන 4.5ක ආයෝජනයක් සිදුකිරීමට සූදානම් බව ද මෙහිදී තානාපතිනිය ප්‍රකාශ කළා.