ඉන්දීය ධීවරයින් 22කට නිදහස

ඉන්දීය ධීවරයින් 22කට නිදහස

ඉන්දීය ධීවරයින් 22ක් ඔවුන් පැමිණි යාත්‍රා 05ක් සමඟ ඊයේ (19) නිදහස් කර තිබෙනවා.

ඒ ඉන්දීය මුදල් අමාත්‍ය නිරූපමා සීතාරාමන් විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමක් මතයි.

මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය තහවුරු කිරීමයි.

නිදහස් කළ යාත්‍රා පසුව ඉන්දියාව වෙත යැවීමට පියවර ගෙන ඇති අතර, පළමුව ධීවරයින් පිරිස පමණක් බාර දීමට පියවර ගෙන තිබෙනවා.

නිදහස් කරන ලද ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා මඟින් ජාත්‍යන්තර මුහුදු කලාපය වෙත රැගෙන ගොස් ඉන්දීය නාවික හමුදාවට බාර දී තිබෙනවා.

COMMENTS