ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්තානයට සහනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්තානයට සහනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයේ විදේශ ණය අවශ්‍යතාව ඇමරිකානු ඩොලර් බිලියන 3.4 කින් අඩු කර තිබෙනවා.

ඒ පසුගිය 15 වන දා පාකිස්ථාන නිලධාරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වූ සති දෙකක දීර්ඝ සාකච්ඡා අවසන්වීමත් සමඟයි.

පාකිස්ථානයේ විදේශ ණය අවශ්‍යතාව ඇමරිකානු ඩොලර් බිලියන 25ක් දක්වා අඩු කර තිබෙනවා.

ඒ අනුව දැනටමත් එකඟවී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලේ දෙවන වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 700ක මුදල මුදා හැරීමට ද කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට එළඹි බව විදෙස් වාර්තා කරනවා.

COMMENTS