ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායකගෙන් රතු එළියක්

විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසා තිබෙනවා.
හෙට දිනයේ අපගේ අරමුණ එය බව ද පැට් කමින්ස් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබිය දී වීම විශේෂත්වයක්.
ඔහු පවසන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසු වන බවයි.
විශාල සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු දෙයක් හෝ අපහසු දෙයක් නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.