පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

දකුණුදිග පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06යි දශම 07ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව බලධාරින් සඳහන් කළා.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ භූ කම්පනය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවත්, ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවයි.