තෙල් මිල ඉහළට

තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (12) යළි ඉහළ යාමක් පෙන්නුම් කළා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් වර්ගයක මිල ඩොලර් 87 ඉක්ම වූ අතර එය පෙර දිනට සාපේක්ෂව ඩොලර් 2කට ආසන්න ඉහළ යාමක්.

කෙසේ වෙතත් ඔත්තෝම්බර් මාසය ආරම්භයේ දී ලෝක බොරතෙල් මිල පැවතියේ ඩොලර් 90 ඉක්ම වූ අගයකයි.

ගෝලීය තෙල් ඉල්ලුම මේ වසරේ බැරල් මිලියන 2.4කින් ඉහළ යනු ඇතැයි ඔපෙක් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

චීන ආර්ථිකය වැඩි දියුණු වීම සහ සංවර්ධනය වන ආර්ථිකයන්ගේ ඉල්ලුම වැඩි වීම ඊට ප්‍රධානම හේතුවයි.