නාමල්ට එරෙහි නඩුවක් යළි කැඳවයි

නාමල්ට එරෙහි නඩුවක් යළි කැඳවයි

හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුවක් පෙබරවාරි 28 වනදා යළි කැදවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා.

කොටුව ක්‍රිෂ්ට්‍රාන්ස්වර්ල්ඩ් චතුරශ්‍රයේ අක්කර 4 යි දශම 3 ක් බදු දීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරා තිබෙනවා. රුපියල් මිලියන 70 ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට දූෂණවිරෝධී හඩ සංවිධානය කළ පැමිණිල්ලකට අනුවයි මෙම නඩුව පවරා ඇත්තේ.