STF ජිප් රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු මරුට (Photos)

STF ජිප් රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු මරුට (Photos)

වවුනියාව – හොරොව්පතාන මාර්ගයේ 1 කණුව අසලදී ඊයේ (09) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මඩුකන්ද කඳවුරේ රාජකාරිකළ නිලධාරීන් 07දෙනෙකු ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට ලක් වී තිබෙනවා.

ඒ මාර්ගය හරහා ගමන් කරමින් සිටි හරකෙකුගේ ගැටීමෙන් ඩිෆෙන්ඩර් ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයේ ගැටීමෙන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

මෙහිදී එම රථයේ ගමන් ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, සෙසු නිලධාරීන් 05දෙනා තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

මරණකරුවන් වයස අවුරුදු 29 හා 31 යන ව‍යස්වල පසුවන කුරුණෑගල හා මැදවච්චිය ප්‍රදේශවල පදිංචි විශේෂ කාර්‍ය බලකා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්.