සියලුම ආනයනික සීමා ඉවතට

සියලුම ආනයනික සීමා ඉවතට

තාවකාලික ආනයන සීමා කර තිබූ වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා ඊයේ දින (09) සිට ඉවත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම ආනයන සීමා නිදහස් කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව ආනයන සීමා පනවා තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරට ටයිල් හා ඇඟළුම් ද අයත් වන බවයි.

මේ සඳහා වන විශේෂ ගැසට් නිවේදනයක් දින නිකුත් කර තිබෙනවා.

COMMENTS