මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන මීළඟ ජංගම සේවය ඔක්තෝබර් 21 වැනිදා මඩකලපුවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම ජංගම සේවය හරහා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඉටු කරනු ලබන සියලු ම සේවාවන් සැපයීම සිදු වන අතර සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කර දීම අරමුණ බවයි වාර්තා වන්නේ.
මෙම ජංගම සේවය උතුරු පළාතේ යාපනේ දිස්ත්‍රක්කයෙන් ආරම්භ කළ අතර පසුව මාතලේ, ගාල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලදී සාර්ථක අයුරින් පැවැත්වුණා.