ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ජනපතිගේ ශෝකය
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබෙනවා.
සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ජැක්සන් ඇන්තනී නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත්රයේ ඇති වන හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැත බව තම විශ්වාසය බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළ කළ සටහන පහතින්,
ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අභාවය පිළිබඳ අසා මම බලවත් කනගාටුවට පත්වූයෙමි. විශිෂ්ට රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්යක්ෂවරයෙක්, ගායකයෙක්, නිවේදකයෙක්, ගත් කතුවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් ආදී වශයෙන් ඔහු කලා ක්ෂේත්රයට සහ අපේ රටට සිදු කළ සේවය අසමසමය.
එසේ ම ඔහු අපට ඉතා ම සුහදශීලී ප්‍රියමනාප මිතුරෙකු විය. ජැක්සන් ඇන්තනී නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත්රයේ ඇති වන හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැත බව මගේ විශ්වාසයයි.
විශිෂ්ට කලාකරුවාණෙනි, ඔබ අපේක්ෂා කළ විමුක්තිය අත්වේවා!