විද්‍යාපීඨ බඳවා ගැනීම් වසර 4කින් තවමත් ගැසට් කර නැහැ

2019 සිට 2022 වසර දක්වා උසස් පෙළට පෙනී සිටි කිසිදු කණ්ඩායමකින් මේ වන තෙක් විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීමට ගැසට් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මය සඳහන් කළා.
ඇය ප්‍රකාශ කළේ, ගුරුවරුන් විශාල පිරිසකගේ හිඟයක් වර්තමානයේ පවතින නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එම හිඟය පියවා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
රට මේ වන විට අධ්‍යාපනය අනතුරක ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.