ඖෂධ සඳහා මිල සුත්‍රයක්

මීට පෙර සකස් කර ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ සඳහා වූ මිල සුත්‍රය සකස් කර අවසන් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මෙලෙස ඇති කර ගත් මිල සුත්‍රය ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් වන්නේ ආනයනකරු බෙදාහැරීම හා අලෙවිකරු යන පාර්ශ්වවල එකඟතාවය මත ඇති කර ගත් බවයි.
ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ ශ්‍රී ලංකාවට ඖෂධ ගොඩබාන විට වැඩි වූ මුදල සලකා බලා ලාභය හා මිල ප්‍රකාශයට පත් කරන බවයි.
එසේම ඇමරිකානු ඩොලරයක මිල වැඩිවන විට ඖෂධ මිල වැඩි නොවන ලෙසත්, ඩොලරයේ මිල අඩුවන විට පමණක් ඖෂධ මිල වැඩිවන ලෙසත් සලකා මෙම මිල සුත්‍රය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඖෂධ වර්ග 60ක මිල පාලනය කර ඇති අතර අදාළ මිල පාලනයට යටත් නොවූ ඖෂධ වර්ග 6,500ක් පමණ මෙලෙස මිල සුත්‍රයට යටත් වන බවයි ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ.