දුප්පත්කම 25% දක්වා ඉහළ ගිහින්

දුප්පත්කම 25% දක්වා ඉහළ ගිහින්

උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම හේතුවෙන් දුප්පත්කම 25% දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

මහ බැංකුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ 5%ක් වූ අපේක්ෂිත උද්ධමනය එම මට්ටමට වඩා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවයි.

තුන්වන සහ 04 වන කාර්තුවලදී ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමටද ඊයේ (05) පියවර ගත් අතර, ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතියක සියයට 11 සිට 10 දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 12 සිට සියයට 11 තවදුරටත් අඩු වෙන බව සඳහන් වෙනවා.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කළේ ඉදිරියේදී වෙළදපොළ පොලී අනුපාතිකයද පහළ යනු ඇති බවයි.