Update :-ඩුප්ලිකේෂන් මාර්ගය යළි විවෘත කෙරේ

Update :-ඩුප්ලිකේෂන් මාර්ගය යළි විවෘත කෙරේ

Update

කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

අද අලුයම කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබුණි.

ඒ අනුව මේ වනවිට අදාළ මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමෙන් පසු මාර්ගය විවෘත කර තිබේ. 

එම අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

…………………………………………………………………………

කොල්ලුපිටිය, ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුර හේතුවෙන් ආර්.ඒ. ද මෙල් මාවතේ රථවාහන ගමනාගමනය මුලුමනින්ම අවහිර වී ඇති බව පොලිසිය සඳහන් පවසනවා.

ඒ අනුව ඩුප්ලිකේෂන් මාර්ගය වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම අවට මාර්ගවල තදබදයක්ද පවතින බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රියදුරන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

COMMENTS